AFC Banner
Empty Ad
Empty Ad

වවුනියාවේ එකම පවුලේ සිව් දෙනාගේ මරණ පරීක්ෂණය(ඡායාරූප)

වවුනියාව,ගුඩ්ෂෙඩ් වීදිය ප්‍රදේශයේ නිවසකින් හමුවූ අඹු සැමි යුවලගේ හා දරු දෙදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ(08) වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී සිදුකෙරුණා.

මෙම සිරුරු හමුවූයේ පෙරේදා (07) දිනයේ.

වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරුණ නමුත් මරණයට නිශ්චිත හේතුව ඊයේ අනාවරණය වූයේ නැහැ.

ශිවපාලසුන්දරම් කෞෂිකන් නමැති 41 හැවිරි පුද්ගලයෙකු,ඔහුගේ බිරිඳ වන 36 හැවිරිදි කෞෂිකන් වරදරාජිනි හා දියණියන් වන 09 හැවිරිදි කෞෂිකන් මෛත්තිරා හා 03 හැවිරිදි කෞෂිකන් කේසරා නමැති අයගේ මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ එලෙස සිදුකෙරුණා.

රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක නියැලීම හේතුවෙන් මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාද වු බවද මියගිය අයගේ ඥාතීන් පැවසුවා.

මරණයන් සම්බන්ධයෙන් නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමට මළ සිරුරුවල කොටස් හා රුධිර සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා වෛද්‍ය පරීක්ෂණාගාර වෙත යොමුකළ බවද වවුනියාව පොලිසිය පැවසුවා.

ගෘහ මූලිකයාට ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකිවීම මත අදාළ මරණයන් සිදුව ඇති බව අසල්වාසීන් පවසනවා.

නමුත් ඊට නිශ්චිත හේතුව එයම යැයි කිව නොහැකි බව මියගිය අයගේ ඥාතීන් සඳහන් කරනවා.

මියගිය පුද්ගලයා පුද්ගලයින් විදේශගත කිරීමේ නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, බිරිඳ ගුරුවරියක වශයෙන් වවුනියාව ප්‍රදේශයේ විදුහලක සේවය කරනු ලැබුවා.

WhatsApp Image 2023 03 09 at 07.27.24 2
WhatsApp Image 2023 03 09 at 07.27.24 1
WhatsApp Image 2023 03 09 at 07.27.24
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?