වවුනියාවේ එකම පවුලේ සිව් දෙනාගේ මරණ පරීක්ෂණය(ඡායාරූප)

වවුනියාව,ගුඩ්ෂෙඩ් වීදිය ප්‍රදේශයේ නිවසකින් හමුවූ අඹු සැමි යුවලගේ හා දරු දෙදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ(08) වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී සිදුකෙරුණා.

මෙම සිරුරු හමුවූයේ පෙරේදා (07) දිනයේ.

වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරුණ නමුත් මරණයට නිශ්චිත හේතුව ඊයේ අනාවරණය වූයේ නැහැ.

ශිවපාලසුන්දරම් කෞෂිකන් නමැති 41 හැවිරි පුද්ගලයෙකු,ඔහුගේ බිරිඳ වන 36 හැවිරිදි කෞෂිකන් වරදරාජිනි හා දියණියන් වන 09 හැවිරිදි කෞෂිකන් මෛත්තිරා හා 03 හැවිරිදි කෞෂිකන් කේසරා නමැති අයගේ මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ එලෙස සිදුකෙරුණා.

රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක නියැලීම හේතුවෙන් මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාද වු බවද මියගිය අයගේ ඥාතීන් පැවසුවා.

මරණයන් සම්බන්ධයෙන් නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමට මළ සිරුරුවල කොටස් හා රුධිර සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා වෛද්‍ය පරීක්ෂණාගාර වෙත යොමුකළ බවද වවුනියාව පොලිසිය පැවසුවා.

ගෘහ මූලිකයාට ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකිවීම මත අදාළ මරණයන් සිදුව ඇති බව අසල්වාසීන් පවසනවා.

නමුත් ඊට නිශ්චිත හේතුව එයම යැයි කිව නොහැකි බව මියගිය අයගේ ඥාතීන් සඳහන් කරනවා.

මියගිය පුද්ගලයා පුද්ගලයින් විදේශගත කිරීමේ නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, බිරිඳ ගුරුවරියක වශයෙන් වවුනියාව ප්‍රදේශයේ විදුහලක සේවය කරනු ලැබුවා.

WhatsApp Image 2023 03 09 at 07.27.24 2
WhatsApp Image 2023 03 09 at 07.27.24 1
WhatsApp Image 2023 03 09 at 07.27.24
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23