ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සදහා තම සහය ලබා දෙන බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියෙකු පැවසුවේ ඊයේ ජනාධිපතිවරයා හා ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් අතර පැවති දුරකථන සංවාදයකදී මේ බව ඇය දැනුම් දී ඇති බවයි.
වත්මන් රජය ජාත්‍යන්තර ප්‍රජාව සමග විනිවිද භාවයෙන් කටයුතු කරන අන්දම පිළිබදව තමන් සැහීමකට පත්වෙන බවත් ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය මෙම සංවාදයේදී පවසා ඇති බව එම නිලධාරියා පැවසුවා.
