කොහොඹ ගහේ අතු කපන්න ගිය සිසුවා නොඑන ගමන් ගිහින්

කොහොඹ ගසක අතු කැපීමට ගිය පාසල් සිසුවෙකුට විදුලි සැර වැදීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් පසුගිය දා යාපනය, කටුවන්පුලම් ප්‍රදේශයෙන් වාර්තා වුණා.

නිවස ඉදිරිපස මාර්ගයේ තිබූ කොහොඹ ගසක අතු කැපීමට ගිය අවස්ථාවේ දී කොහොඹ අතු විදුලි රැහැනක ගැටී සිසුවාට මෙලෙස විදුලි සැරවැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එස්.මදුෂන් නැමැති 18 හැවිරිදි සිසුවෙක් මෙලෙස මියගොස් ඇති අතර, සිසුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් තෙලිප්පලෙයි රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.