ජිනීවා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේදී ශ්‍රී ලංකාව ගැන සමාලෝචනයක්

ලබන 8 සහ 9 යන දිනවල ජිනීවා නුවර පැවැත්වීමට නියමිත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේදී (ICCPR) ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ රටවල් 173ක් නියෝජනය කරන මෙම සම්මුතිය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලී අරුණතිලක මහත්මිය නායකත්වය ලබා දෙන බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය, මහජන ආරක්‍ෂක අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වන අතර අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, ආරක්‍ෂක අමාත්‍යංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP), හානිපූර්ණය සඳහා වන කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාලය (ONUR) යන ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම සමාලෝචනය සඳහා කොළඹ සිට සම්බන්ධ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව 1980 ජුනි 11 වැනි දින සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සමඟ එක් වූ අතර 1983, 1990, 1994, 2003, 2013, 2019 යන වර්ෂවලදී වාරික වාර්තා 06ක් ඉදිරිපත් කර 1983, 1991, 1995, 2003 සහ 2014 යන වර්ෂවලදී සමාලෝචන 05කට සහභාගි වී තිබෙනවා.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ස්වාධීන විශේෂඥයින් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවකින් අධීක්ෂණය වන අතර 137 වැනි සැසිය අතරතුර ශ්‍රී ලංකාවට අමතරව, ඊජිප්තුව, ටර්ක්මෙනිස්තානය,සැම්බියාව, පේරු සහ පැනමාව යන රාජ්‍යයන් ද සමාලෝචනය කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04