ඉන්දුනීසියාවේ අගනුවර ඉන්ධන ගබඩාවක ගින්නක් (ඡායාරූප)

ඉන්දුනීසියාවේ ඉන්ධන ගබඩාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දුනීසියාවේ ජනාකීර්ණ ජකර්තා අගනුවර රාජ්‍ය තෙල් හා ගෑස් සමාගමක ඉන්ධන ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති ගින්න අසළ නිවෙස්වලට ද පැතිරගොස් දරුණු පිළිස්සුම් තුවාල සහිත පුද්ගලයින් 50 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි නිවන භටයින් 260 දෙනෙකු සහ ගිනි නිවන සේවා රථ 52ක් යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

පැවති අධික වැසි තත්ත්වය හමුවේ ගබඩාවේ නළ මාර්ගයකට අකුණු සැර වැදීමෙන් ගින්න හටගෙන ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?