අනියම් පෙම්වතා සමඟ පැනගිය බිරිඳගෙන් පළිගන්න පෙම්වතාගේ බිරිඳ සමඟ විවාහ වූ සැමියා (ඡායාරූප)

විවාහක බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමඟ පැනගිය පසු සැමියා විසින් සිය බිරිඳ රැගෙන ගිය පුද්ගලයාගේ බිරිඳ සමඟ විවාහ වී පළිගැනීමේ සිදුවීමක් එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කරනවා.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඛගාරියා ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

රූබී දේවි නම් කාන්තාවක් 2009 වසරේ දී නීරාජ් නම් පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇති අතර, ඔවුන්ට මේ වනවිට දරුවන් සිව්දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

නීරාජ්ගේ බිරිඳ රූබී දේවි, මුකේෂ් නැමති පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා 2022 පෙබරවාරි මාසයේ දී හොර රහසේ පැනගොස් විවාහ වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුව තම බිරිඳව එලෙස හොර රහසේ රැගෙන ගොස් විවාහ කරගැනීම සම්බන්ධයෙන් නීරාජ් විසින් මුකේෂ් නැමැත්තාට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

මුකේෂ් නැමැත්තා ද විවාහකයෙකු වන අතර, ඔහුට දරුවන් දෙදෙනෙක් සිටින බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් නීරාජ් නැමැත්තා මුකේෂ් සහ පළාගිය සිය බිරිඳගෙන් පළිගැනීම සඳහා මුකේෂ්ගේ බිරිඳ සමඟ මෙම වසරේ පෙබරවාරි මාසයේ දී විවාහ වී ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

තම බිරිඳ ඇගේ පෙම්වතා සමඟ පලා ගියා, ඊට පළිගැනීමක් ලෙස තමන් පෙම්වතාගේ බිරිඳ සමඟ විවාහ වූ බව නීරාජ් පවසා තිබෙනවා.

pic 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34