වැව් බැම්මේ නිධන් හෑරූ 6ක් අත්අඩංගුවට

ගලෙන්බිදුණුවැව කුරුණෑගල කොළණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස පැරණි වැව් බැම්මක නිධන් හාරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරිසක් විසින් නිවසක් පිටුපස කැණීම් සිදුකරන බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත අද සවස 3ට පමණ කළ වැටලීමකදී යි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් ගලෙන්බිදුණුවැව පඬිකාරමඩුව ප්‍රදේශයේම පදිංචි අවුරුදු 45ත් 50ත් අතර පසුවන්නන් බව සඳහන්.

සැකකරුවන්ගෙන් එක් අයෙකුගේ නිවසේ ගෙවත්ත එම වැව් බැම්ම අසල පිහිටා ඇති අතර ඔහු යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධයෙන් දැනුමක් ඇති පේන කියන්නෙකු බවත් පොලිසිය සඳහන් කළා.

එම පුද්ගලයා විසින් අනෙක් සැකකරුවන් මෙහෙයවා මෙම වැව් බැම්ම හාරා ඇති බවටයි හෙළිවී ඇත්තේ.

වැටලීම සඳහා පොලිසිය එම ස්ථානයට යන විට සැකකරුවන් අඩි 6ක පමණ ගැඹුරට වළ හාරා පස් අදිමින් සිටි බව නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

සැකකරුවන් සතුව තිබූ තිබූ ගැඹුරක සිට පස් ඇදීමට භාවිතා කරන යන්ත්‍රයක්, සවල් දෙකක්, උදළු දෙකක්, ඉනිමගක් සහ වයර් ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැනුණා.

සැකකරුවන් හෙට (04) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගලෙන්බිදුණුවැව පොලිසිය ඉදිරි පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44