විවාහක බිරිඳට සැමියාගෙන් අහස පොළොව නුහුලන අපරාධයක්

තම විවාහක බිරිඳට පහර දී ඇයව නිරුවත් කර ඇගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ කොච්චි මිරිස් ආලේප කර ශාරීරික හිංසනයට ලක්කර පුද්ගලයෙකු පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාදුක්ක, අංගම්පිටිය, සුහඳ මාවතේ පදිංචිකරුවකු වන සැකකරු සිය විවාහක බිරිඳට මෙලෙස වැඩ හිංසා පමුණුවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සැමියාගේ වැඩ හිංසාවට ලක්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවන දරුවන් සිව්දෙනෙකුගේ මවක්.

ඔවුන්ගේ වැඩිමහල් පිරිමි දරුවා මහණ දිවියට ඇතුළත්ව ඇති අතර, අනෙක් තිදෙනා වයස 12 ගැහැණු දරුවෙකු, අවුරුදු 04 සහ මාස 10 ක පිරිමි දරුවන් දෙදෙනෙකු වනවා.

සැකකාර සැමියා වෙනත් කාන්තාවක් හා අනියම් සම්බන්ධකමක් පවත්වා ගෙන යන අතර, තම නීත්‍යනුකූල බිරිඳට මෙලෙස නිරතුරුවම අඩන්තේට්ටම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධියට මුහුණදුන් කාන්තාව හා දරු තිදෙනා පොලීසියේ මැදිහත්වීමෙන් ඇගේ දෙමාපියන් පදිංචිව සිටින අනුරාධපුරය වෙත පිටත්කර යැවීමට ඊයේ (02) දිනයේ කටයුතු කර බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27