පියා විසින් කෙළෙසූ 14 හැවිරිදි දැරිය සියදිවි නසාගනී

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, පල්ගාර් දිස්ත්‍රික්කයේ 14 හැවිරිදි දැරියක් ඇගේ නිවස තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගත් පුවතක් එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ දැරිය මෙලෙස සියදිවි නසාගැනීමට පෙර, පියා විසින් තමාට ලිංගික අතවර කළ බවට “සියදිවි නසාගැනීමේ ලිපියක්” ද ලියා තබා ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය පැවසුවේ.

මීට දින තුනකට පෙර සියදිවි නසාගෙන ඇති මෙම දැරිය ලියා තිබූ එම ලිපිය පොලිසිය විසින් ඊයේ (02) සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දැරිය විසින් ලියන ලදැයි කියන සියදිවි නසාගැනීමේ ලිපියේ ඇය සඳහන් කර ඇත්තේ තම පියා විසින් තමාට ලිංගික අතවර කළ බවයි.

ඇය ඒ පිළිබඳව තම මව සමඟ දැනුම් දුන්න ද, ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇය අපොහොසත් වූ බවයි ඇය එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එම ලිපියේ දැරිය තම පියාට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ද ඉල්ලා ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මරණයෙන් පසු බාලවයස්කාර දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රජයේ රෝහලට යවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය පරීක්ෂණයක් පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35
Video thumbnail
වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා..තිස්සකුට්ටි වැඳලා ජනතාවගෙන් ඉල්ලපු දේ
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33