AFC Banner
Empty Ad
Empty Ad

අපරාධකරුවෙකුට පැන යෑමට උදව් කළ භික්ෂුන් දෙනම රිමාන්ඩ්

මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසියේ රඳවා සිටියදී එම සැකකරුට ඩුබායි දක්වා පලායාමට ආධාර අනුබලදීමේ චෝදනාවට ලක්ව සිටින භික්ෂුන් වහන්සේ දෙනම ඇතුළු තිදෙනා ලබන 10 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ එම සැකකරුවන් වන්නේ හෙට්ටිපොළ රිට්ටා දෙනිය ශ්‍රී ජයලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ඇතුළු තිදෙනෙක්.

එම විහාරාධිපති හිමියන් සතුව තිබූ ඩුබායි රටට පලායාම සඳහා පැමිණි සැකකරුට අයත් ගමන් මලු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බව අධිකරණයේදී අනාවරණය කෙරුණා.

හංවැල්ල ප්‍රදේශයේ දී ආපනශාලා හිමිකරුවෙකුට ඉකුත් දෙසැම්බර් මස 18 වැනි දා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හඳුනාගෙන සිටි සැකකරු ඩුබායි රටට යෑම සඳහා ඉකුත් 24 වෙනිදා කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටි අවස්ථාවේ එම සැකකරු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට භාර දෙනු ලැබූවා.

පසුව සැකකරු පොලිස් අත්අඩංගුවේ සිටියදී හිමිවරුන් දෙදෙනා ඔහු පොලිස් සිරමැදිරියෙන් නිදහස් කර ගැනීමට සූක්ෂම ලෙස කටයුතු කර ඇති බව කටුනායක පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

සැකකරුට පොලිස් සිර මැදිරියෙන් පලායාම සදහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක කුමාර සේනාධීර සහ එදින (24) පොලිස් ස්ථානයේ උප සේවා රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇතුළු තිදෙනාව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති අතර පොලිස්ථානයේ කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සැරයන් ඩබ්.කේ සේනාරත්න ලබන 03 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?