අපරාධකරුවෙකුට පැන යෑමට උදව් කළ භික්ෂුන් දෙනම රිමාන්ඩ්

මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසියේ රඳවා සිටියදී එම සැකකරුට ඩුබායි දක්වා පලායාමට ආධාර අනුබලදීමේ චෝදනාවට ලක්ව සිටින භික්ෂුන් වහන්සේ දෙනම ඇතුළු තිදෙනා ලබන 10 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ එම සැකකරුවන් වන්නේ හෙට්ටිපොළ රිට්ටා දෙනිය ශ්‍රී ජයලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ඇතුළු තිදෙනෙක්.

එම විහාරාධිපති හිමියන් සතුව තිබූ ඩුබායි රටට පලායාම සඳහා පැමිණි සැකකරුට අයත් ගමන් මලු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බව අධිකරණයේදී අනාවරණය කෙරුණා.

හංවැල්ල ප්‍රදේශයේ දී ආපනශාලා හිමිකරුවෙකුට ඉකුත් දෙසැම්බර් මස 18 වැනි දා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හඳුනාගෙන සිටි සැකකරු ඩුබායි රටට යෑම සඳහා ඉකුත් 24 වෙනිදා කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටි අවස්ථාවේ එම සැකකරු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට භාර දෙනු ලැබූවා.

පසුව සැකකරු පොලිස් අත්අඩංගුවේ සිටියදී හිමිවරුන් දෙදෙනා ඔහු පොලිස් සිරමැදිරියෙන් නිදහස් කර ගැනීමට සූක්ෂම ලෙස කටයුතු කර ඇති බව කටුනායක පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

සැකකරුට පොලිස් සිර මැදිරියෙන් පලායාම සදහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක කුමාර සේනාධීර සහ එදින (24) පොලිස් ස්ථානයේ උප සේවා රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇතුළු තිදෙනාව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති අතර පොලිස්ථානයේ කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සැරයන් ඩබ්.කේ සේනාරත්න ලබන 03 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51