AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රි පාද වන්දනාවේ ගිය පුජකවරයෙකුගේ නැතිවූ මුදල් පසුම්බිය ත්‍රිරෝද රථ හිමිකරුවෙකු සොයා දෙයි


රෝදය

අම්පාර මල්වත්ත ප්‍රදේශයේ සිට ශ්‍රි පාද වන්දනාවේ පැමිණි පුජකවරයෙකුගේ අස්ථානගත වු මුදල් පසුම්බියක් යලිත් එම පුජකවරයාටම ලබාදිමට හැටන් ත්‍රිරෝද රථ හිමිකරුවෙකු කටයුතු කර තිබුණා.

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ පැමිණි මුරුගන් අජිත් කුමාර් නැමති 23 හැවිරිදි පුජකවරයා දුම්රියෙන් බැස දුම්රිය ස්ථානයේම ගාල් කර තිබු ලංගම බස් රථයකට ගොඩවන අවස්තාවේ ඔහුගේ ගමන් මල්ල තුල තිබු මුදල් පසුම්බිය බිම වැටි තිබෙනවා.

එම මුදල් පසුම්බිය අහුලා ගත් කුලි ත්‍රිරෝද රථ රියදුරෙකු වන හැටන් ආරියගම ප්‍රදේශයේ පදිංචි රුක්ෂාන් සෙනවිරත්න (46) තිදරු පියා එය රැගෙනගොස් අයිතිකරු සොයා භාරදෙන ලෙසට හැටන් රථ වාහන පොලිසියේ ස්ථානාධිපතිවරයාට භාර දි තිබුණා.

මුදල් පසුම්බිය තුල රු 12095 ක මුදලක්, පුජකවරයාගේ ජාතික හැදුනුම්පත සහ බැංකු කාඩ්පත් කිහිපයක් තිබුණු බවත්, මුදල් පසුම්බියේ පුජකවරයාගේ දුරකථන අංකය සදහන්ව තිබු නිසා ඔහු පොලිසියට කැදවා මුදල් පසුම්බිය භාර දීමට කටයුතු කල බවත් හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?