ශ්‍රි පාද වන්දනාවේ ගිය පුජකවරයෙකුගේ නැතිවූ මුදල් පසුම්බිය ත්‍රිරෝද රථ හිමිකරුවෙකු සොයා දෙයි


රෝදය

අම්පාර මල්වත්ත ප්‍රදේශයේ සිට ශ්‍රි පාද වන්දනාවේ පැමිණි පුජකවරයෙකුගේ අස්ථානගත වු මුදල් පසුම්බියක් යලිත් එම පුජකවරයාටම ලබාදිමට හැටන් ත්‍රිරෝද රථ හිමිකරුවෙකු කටයුතු කර තිබුණා.

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ පැමිණි මුරුගන් අජිත් කුමාර් නැමති 23 හැවිරිදි පුජකවරයා දුම්රියෙන් බැස දුම්රිය ස්ථානයේම ගාල් කර තිබු ලංගම බස් රථයකට ගොඩවන අවස්තාවේ ඔහුගේ ගමන් මල්ල තුල තිබු මුදල් පසුම්බිය බිම වැටි තිබෙනවා.

එම මුදල් පසුම්බිය අහුලා ගත් කුලි ත්‍රිරෝද රථ රියදුරෙකු වන හැටන් ආරියගම ප්‍රදේශයේ පදිංචි රුක්ෂාන් සෙනවිරත්න (46) තිදරු පියා එය රැගෙනගොස් අයිතිකරු සොයා භාරදෙන ලෙසට හැටන් රථ වාහන පොලිසියේ ස්ථානාධිපතිවරයාට භාර දි තිබුණා.

මුදල් පසුම්බිය තුල රු 12095 ක මුදලක්, පුජකවරයාගේ ජාතික හැදුනුම්පත සහ බැංකු කාඩ්පත් කිහිපයක් තිබුණු බවත්, මුදල් පසුම්බියේ පුජකවරයාගේ දුරකථන අංකය සදහන්ව තිබු නිසා ඔහු පොලිසියට කැදවා මුදල් පසුම්බිය භාර දීමට කටයුතු කල බවත් හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16