දිවුලපිටිය , මරදගහමුල මෙට්ට ගෙදර හන්දියේදි මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරිමේ සිද්දියට සම්බන්ධ දෙදෙනා අද (28) අලුයම අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසනවා.
මිනුවන්ගොඩ ,වටිනාපහ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ඒ.එම්. සංදික නිරෝසන් ප්‍රනාන්දු නැමැති 48 හැවිරිදි දෙදරු පියෙකු ඉකුත් 25 වෙනිදා රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ සිය මෝටර් රථයෙන් නිවෙස කරා යමින් සිටියදී.
ඔහු තවත් දෙදෙනෙකු සමග අවන්හලක මධු විත පානය කර මෝටර් රථයෙන් එමින් සිටියදී එම මෝටර් රථයේ සිටි අයෙකු මරදගහමුල නගරයට ආසන්න ස්ථානයකදී තවත් පාර්ශවයක් සමග බහින් බස් වීමක් සිදුව ඇති බව පොලිසිය පැවසුවා.
අනතුරුව බහින් බස් වූ පාර්ශවයේ දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ මෝටර් රථයේ සිටි ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්වුණා.
එම ඝාතනය සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හපුවලාන සහ පල්ලියපිටිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 28 සහ 26 පසුවන්නන් වන අතර ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවා.
ඝාතනය සඳහා සැකකරුවන් උපයෝගී කරගත් යතුරු පැදියක් සහ තියුණු කඩුවක්ද පොලිසිය භාරයට ගැනුණා.
