ප්‍රියමාලිට එරෙහි නඩුවක් විභාගයට දින නියම වෙයි

2013 වසරේ පුද්ගලයෙකුගෙන් වාහනයක් ලබා ගෙන රුපියල් රුපියල් ලක්ෂ 80ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින තිලිණි ප්‍රියමාලි නැමැත්තියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජුනි මස 05 සහ 07 යන දිනවල කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ දී විත්තිකාර තිලිණි ප්‍රියමාලි නැමැත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී ඇයගේ නීතිඥවරු සඳහන් කළේ මෙම නඩුව මුදල් ගෙවා සමථයකට පත්කිරීමේ හැකියාව පවතින බවයි.

එහෙත් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා සඳහන් කළේ අද දින මුදල් ගෙවන බව සඳහන් කළ ද එවැනි වීමක් නොවන එයින් නඩුව විභාගය සඳහා දින නියම කරන ලෙසයි.

ඒ, අනුව නඩුව ජුනි මස 05 සහ 07 යන දිනවල විභාගයට ගැනීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සමථයක් තිබේ නම් එදින අධිකරණයට දැනුම් දෙන ලෙසත් දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළා..

2013 වසරේ මාතර ප්‍රදේශයේ පදිංචි සමිත් අනුරුද්ධ නමැති පුද්ගලයෙකුගෙන් වාහනයක් ලබාගෙන වසා දමන ලද ගිණුමකින් චෙක්පතක් ලබා දී රුපියල් ලක්ෂ 80ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තිලිණි ප්‍රියමාලිට එරෙහිව මෙම නඩුව ගොණුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32