ප්‍රබල අපරාධකරුවෙකු කටුනායකදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යයි

ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ රටකට පළා යෑමට තැත් කළ ප්‍රබල අපරාධකරුවෙකු කටුනායක ගුවන් තොටුපළ පොලිස් අත් අඩංගුවෙන් මිදී පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග විදේශ ගත වීම සදහා ඊයේ දින රාත්‍රී මෝටර් රථ දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බැවි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පුද්ගලයාට ඔහුගේ සැබෑ නමින් සහ ඔහු පෙනී සිටින ව්‍යාජ නමින් ද ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබී ඇතැයි සඳහන්.

මෙම පුද්ගලයා කළුතර දූව පන්සල පාරේ පදිංචි 28 හැවිරිදි අයෙක් බව සඳහන්.

සැකකරුට විදෙස්ගතවීම තහනම් කරමින් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ නියෝගයක් මතයි
සැකකරුව කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන අංශය මගින් විදේශගත වීම නවතා කටුනායක ගුවන්තොටුපල පොලිසිය වෙත ඊයේ (24) රාත්‍රී හතට පමණ භාරදී ඇත්තේ.

පසුව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ සැකකරු අත් අඩංගුවට ගෙන සිර මැදිරියෙහි රඳවා තබා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ආ අයෙකු වන අතර, ශ්‍රී ලංකාව පුරා පුද්ගල ඝාතන 9ක් පමණ සිදු කර ඇති බවයි. මෑතකදී හංවැල්ල ප්‍රදේශයේ සිදු කළ ඝාතනය ද ඒ අතර වන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ප්‍රශ්න කිරීම්වලින් පසු මෙම පුද්ගලයා නිදහස් කර ගෙන යෑමට භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ පොලිසිය වෙත පැමිණ තිබෙනවා.

පසුව කළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම භික්ෂූන් වහන්සේලා ව්‍යාජ පුද්ගලයන් බවට යි.

මෙම අවස්ථාවේ දී පොලිස් සිර මැදිරිය තුළ සිටි සැකකරු ඉන් පිටතට ගෙන ඇති අතර ඒ අතරතුර ඔහු කටුනායක ගුවන් තොටුපළ පොලිසියෙන් පළා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ පිළිබඳව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පොලිසිය වෙත පැමිණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම සිදුවීම වන අවස්ථාවේ රාජකාරීවල නිරතව සිටි පොලිස් සැරයනවරයෙකු අත් අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33