ඝාතකයාව රැක්ක කතක් වීරකැටියේ දී පොලිස් දැලේ

මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදීමේ චෝදනාව මත කාන්තාවක් වීරකැටිය පොලිසිය මඟින් ඊයේ (23) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 19 වනදා වීරකැටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට ආධාර අනුලබදීමේ චෝදනාව මතයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය වීරකැටිය, ජුල්ගහකොටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි වියේ පසුවන්නියක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරිය, ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු සමඟ කලක සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට පෙර සහ පසු මෙතෙක් අනාවරණය නොවූ පාර්ශ්වයකින් ලබාදුන් මුදල් සැකකරුට ලබා දී සැකකාරිය ඔහුට රැකවරණය ද සපයා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය අද (24) දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය 19 වනදා වීරකැටිය, ගුරුගොඩැල්ල, හකුරුවෙල ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර පක්ලාගොස් තිබුණා.

මෙලස ඝාතනයට ලක්වූ තැනැත්තා 53 හැවිරිදි අතුල නැමැති පුද්ගලයෙක් වන අතර, ඔහු පුද්ගල ඝාතන චෝදනාවකට සිරගතව සිට ඇප මත සිටින අයෙකු බවටයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08