ජනපතිගේ ප්‍රකාශයට විපක්ෂ නායකගෙන් පිළිතුරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විකෘති කතා සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මැතිවරණයක් නොමැති බව පවසමින් ජනාධිපතිවරයා උද්ධච්ච ලෙස කටයුතු කරන බවයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි මැතිවරණයක් නොපවත් වන්නේ නම් ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය නාමයෝජනා භාර දුන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරනවා.

ජාතික මැතිවරණ කොමිසම නිල වශයෙන් මැතිවරණය පැවැත්වීමට දින නියම කර නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දීම සම්බන්ධයෙන් කරුණු දක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

මැතිවරණය කල් දමන ලෙසට විපක්ෂය ඉල්ලීම් කර ඇති බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද සමගි ජන බලවේගය එවැනි ඉල්ලීමක් කර නොමැති බවයි සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

මැතිවරණ කල් දැමීම තුලින් ජනාධිපතිවරයා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කරන අතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ද උදුරා ගන්නා බව ඔහු පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23