කෝප් කමිටුවේ කටයුතුවලට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බව නව සභාපති කියයි

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර වැඩි ඡන්දයෙන් නැවත තේරී පත්වී තිබෙනවා.

ඔහු තේරී පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද (23) පැවති අවස්ථාවේදී යි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර ගේ නම රාජ්‍ය අමාත්‍ය ජගත් ප්‍රෂ්පකුමාර විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් ස්ථිර කරනු ලැබුවා.

එමෙන්ම කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු රවුෆ් හකීම් විසිනුයි එය ස්ථිර කරනු ලැබුවේ.

එහිදී පැවති ඡන්ද විමසීමේදී රන්ජිත් බණ්ඩාරට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර ගරු එරාන් වික්‍රමරත්නට පක්ෂව ඡන්ද 06ක් හිමි වුණා.

කමිටුව අමතමින් නව කෝප් සභාපතිවරයා කියා සිටියේ කමිටුවේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා සියලූ සාමාජිකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි.

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට පෙර කාරක සභාවේ පැවති කටයුතු අඛණ්ඩව සිදු විය යුතු බවට කාරක සභාවේ සාමාජිකයින්ගේ එකඟතාව පළවූ බවත් කාරක සභා සභාපතිවරයා අවධාරණය කළා.

තවද, කෝප් නිර්දේශවලට නීත්‍යනුකූලබවක් ලබා දීම සම්බන්ධයෙන් කථානායකවරයා සහ නීතිපතිවරයා සමග සාකච්ඡාවක් සංවිධානය කරන ලෙසටද කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, ඩී.වී. චානක, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, රෝහිත අබේගුණවර්ධන, එරාන් වික්‍රමරත්න, නිමල් ලාන්සා, එස්.එම්. එම්. මුෂාරෆ්, නලින් බණ්ඩාර ජයමහ. චමින්ද විජේසිරි, සංජීව එදිරිමාන්න. ජගත් කුමාර සුමිත්‍රආරච්චි, සුදර්ශන දෙනිපිටිය, ප්‍රේම්නාත් සී. දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, ශානක්කියන් රාසමානික්කම්, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ සහ චරිත හේරත් යන මහත්වරු මෙම රැස්වීමට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43