රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40 ක වෘත්තීයවේදීන් අද කොළඹට රැස්වෙයි

රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40ක වෘත්තීයවේදීන් අද (22) කොළඹට රැස්වී විරෝධතාවක් ගෙන යෑමට සුදානම්ව සිටිනවා.

ජල, විදුලි, සෞඛ්‍යය, අධ්‍යාපන, ගුවන් සේවා,බැංකු ආදී ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිකයින් මෙම විරෝධතාවට එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවා.

ඔවුන් කොළඹ කොටුවට රැස්වී මෙම විරෝධතාව ගෙන යෑමටයි සැලසුම් කර තිබෙන්නේ.

මේ හේතුවෙන් ක්ෂේත්‍ර ගණනාවක කටයුතු අද දිනයේදී අකර්මන්‍ය වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවා.

  1. BALU POLICIYA USWI NIYOGA GANNAWA MEKA NAWATHTHANNA. NAMUTH EDHA KINDHA KELIN THIYENA EKEK KIYUWA GAHANNA KANDULU GAS GAHANNA ENNA EPA, EHEMA UNOTH DIGATAMA WEDA WARJANAYA KARANAWA, AYE RATAMA AKARMANYA KARANAWA KIYALA.