ඉල්ලුමට වඩා සැපයුම ඉහළට – එළවළු මිල පහළට

දේශීය වෙළඳ පොලේ ඉල්ලුමට වඩා එළවළු සැපුයම ඉහළ ගොස් ඇති නිසා එළවළු කිලෝවක මිල සැලකිය යුතු ලෙස පහළ බැසීම හේතුවෙන් ගොවින් දැඩි පිඩාවකට ලක්ව තිබෙනවා.

එළවළු මිල පහල වැටීම නිසා නුවරඑළිය ප්‍රදේශයේ පිඩාවට පත් ව ඇති ගොවින්ගේ ගැටළු සම්බන්ධයෙන් විමසීමට සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අද (21) එළවළු ගොවිපොළවල්වල සංචාරයක නිරත වුණා.

මෙහිදී මාධ්‍යට අදහස් දැක් වූ සභාපතිවරයා පෙන්වා දුන්නේ එළවළු කිලෝවක් නිෂ්පාදනය කිරීමට ගොවීන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති අතර පවත්නා තත්ත්වය මත විශාල පාඩුවක් සිදු වන බැවින් ගොවීන් එළවඵ වගාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බවයි.

අතිරික්තයක් ඇති එළවළු විදේශ වෙඳදපොලකට හෝ යොමු කර එළවළු ගොවියා රැක ගැනීමට රජය පියවර ගත යුතු බව ඔහු කියසිටියා.

දිවයින පුරා එළවළු ගොවීන් එක් කන්නයක එක සමාන එළවළු වගාවන් සිදු කිරීම ද එළවළු මිල මෙලෙස පහත බැසීමට එක් හේතුවක් වන්නට ඇතැයි අනුමාන කරනවා.

රසායනික පෙහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය මිල ඉහළ යාම, සේවක වැටුප් ඉහළ යාම හමුවේ එළවළු වගාව ව්‍යාපාරයක් සහ ජිවන උපායක් වශයෙන් සිදු කරගෙන යාමට නොහැකි බවයි එළවළු වගා කරන්නන් කියාසිටින්නේ.

පසුගිය මාස කිහිපයට සමගාමීව එළවළු මිල විශාල ලෙස මේ වන විට පහත වැටී ඇති බවට හැටන් ප්‍රදේශයේ එළවළු අලෙවි කරන සිල්ලර වෙළඳුන් චෝදනා කරනවා.

පාරිභෝගිකයන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි ව සිටීමෙන් එලවළු මිලදී ගැනිමේ අඩුවක්‌ පැවතීම නිසා තම ව්‍යාපාර කටයුතුද අඩාල වි ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16