ශ්‍රී ලංකාවේ පළමු විදෙස් පක්ෂි උද්‍යානය හෙට විවෘත වෙයි (ඡායාරූප)

මහනුවර හන්තානේ ස්ථාපිත මෙරට පළමු ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය (Hanthana Bird Park) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් හෙට (20) විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

හෙට පස්වරු 3ට එම උද්‍යානය විවෘත කෙරන අතර මහජනයා වෙනුවෙන් විවෘත වන්නේ ලබන 23 වනදායි.

හන්තාන තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබදව පිහිටි අක්කර 27ක භූමියකින් යුතු මෙම විදේශීය පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය විදේශීය පක්ෂි වර්ග 200කට අධික සංඛ්‍යාවකින් යුක්ත වන අතර දුර්ලභ විදෙස් පක්ෂින් ද මේ අතර වනවා.

විදේශීය රටවලට ආවේණික පක්ෂීන්, සංචාරක පක්ෂීන් ගෙන් සමන්විත මෙම උද්‍යානය ආබාධවලට පත්වූ පක්ෂීන්ට ප්‍රතිකාර කර නිදහස් කරන ඒකකයකින් ද සමන්විත බව එහි සභාපති නිශාන්ත කෝට්ටේගොඩ මහතා ප්‍රකාශ කළා.

රුපියල් මිලියන 500 ක විදයමින් ස්ථාපිත කර ඇති මෙම උද්‍යානයේ විශාල කූඩු තුළ විදෙස් පක්ෂීන් රඳවා ඇති අතර සියයකට ආසන්න කාර්යය මණ්ඩලයක් මගින් සතුන් රැක බලා ගැනිම සිදු කෙරෙනවා.

වසර 40ක කාලයක් තිස්සේ විදෙස් පක්ෂීන් පිළිබඳව කරන ලද අධ්‍යනයක් අනුව මෙම උද්‍යානය ස්ථාපිත කර ඇති අතර විදේශීය පක්ෂීන් රැසක් මෙරටදී අභිජනනය කිරීමට හැකි වීම විශේෂත්වයක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරෙන මෙම විදෙස් කුරුළු උද්‍යානය හා පාරිසරික සංචාරක කලාපයේ පළමු අධියර දෙස් විදෙස් සංචාරකයන්ට විදෙස් පක්ෂීන් නැරඹීමේ පහසුකම්, සත්ව විද්‍යා සිසුන් සඳහා අධ්‍යාපනික පුහුණු මධ්‍යස්ථානයක්, පක්ෂි අනාථාගාරයක්, පක්ෂි උපස්ථාන හා නිරෝධායන ඒකකයකින් ද සමන්විත වනවා.

විදෙස් පක්ෂීන් බිහිකිරීම හා අපනයනය කිරීමේ ඒකකයක්, පාසල් සිසුන් සඳහා අධ්‍යාපනික හා විනෝද මධ්‍යස්ථානයක්, ස්වාභාවික පක්ෂි අධ්‍යයන මධ්‍යස්ථානයකින් ද මෙම උද්‍යානය සමන්විත බව හන්තාන විදෙස් පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපයේ සභාපති නිශාන්ත කෝට්ටේගොඩ මහතා සඳහන් කළා.

මෙහි දෙවන අදියර වශයෙන් සමනළ උද්‍යානයක්, උද්‍යානයක්, කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර කුඩා දරුවන් උදෙසා විශේෂ ක්‍රීඩා පහසුකම්, ආපනශාලා, නවාතැන් පහසුකම් මෙන්ම වනාන්තර සංචරණ පහසුකම් වශයෙන් සංවර්ධනය කෙරෙන අතර සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම මෙහි එක් අරමුණක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
68
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?