දැරියක් අපයෝජනය කල සිද්දියකට වැලිගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් (ඡායාරූප)

වයස අවුරුදු 10 දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවකට සැකපිට වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (16 ) වැලිගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

වැලිගම කොළේදණ්ඩ ප්‍රදේශයේ පදිංචි දැරිය උපකාරක පන්තියට යමින් සිටියදී තරුණයන් හතර දෙනෙකු විසින් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කොට තිබුණේ මීට දින කිහිපයකට පෙරයි.

මෙම සිද්ධියට අදාලව වයස අවුරුදු 20ක පමණ ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු වැලිගම පොලිසිය මගින් ඊයේ (15 ) පස්වරුවේදි පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් නිදහස් කරන ලෙසත් අපරාධයට සම්බන්ධ නිවැරදි සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසටත් බලකරමින් අද (16 ) පෙරවරුවේදී වැලිගම මූලස්ථාන පොලීසිය ඉදිරිපිට රැස්වූ තරුණයින්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් සාමකාමී විරෝධතාවක නිරත වූ බව අප වාර්තාකරු පැවසුවා.

වැලිගම මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියකු පවසා සිටියේ අපයෝජනයට ලක්වූ දැරියගේ දෙමව්පියන් විසින් සිදු කළ පැමිණිල්ලක් මත සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කල බවයි.

අදාල දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කල බවත් ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15