10 වනදා සිට අතුරුදන්ව සිටි පෙදරේරුවාගේ සිරුර බොල්ගොඩ ගඟේ පාලමක් යට (ඡායාරූප)

පසුගිය 10 වනදා සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර බොල්ගොඩ ගඟේ හිරන පාලම යට පාවෙමින් තිබිය දී හමුවූ බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

මෙලෙස හමුව ඇත්තේ කැස්බෑව, බටුවන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි පෙදරේරුවෙක් ලෙස කටයුතු කළ 54 හැවිරිදි එක්දරු පියෙක්.

මොහු කැස්බෑව, ජඹුරලිය ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙක් යටතේ පෙදරේරුවෙකු ලෙස සේවය කර ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පසුගිය 10 වනදා පස්වරුවේ සිට මොහු දකින්නට නොලැබුණු බවට කොන්ත්‍රාත්කරු විසින් පොලිසිය පවසා තිබෙනවා.

මෙම පුද්ගලයා මත්පැන් පානයට ඇබ්බැහිව සිටි අයෙක් බවත්, මොහු මත්පැන් පානය සඳහා හිරන ප්‍රදේශයට යෑමට හුරුවී සිටි බවත් කොන්ත්‍රාත්කරුවා විසින් වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

හිරන පාලම යට බොල්ගොඩ ගඟේ මළ සිරුරක් පාවෙන බවට ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47