කාරක සභා කිහිපයකට සාමාජිකයන් පත් කෙරේ

නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරයේ ආරම්භයත් සමග කාරක සභා කිහිපයක් සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා.

ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (COPA) සඳහා යි.

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුවයි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, මෙම මන්ත්‍රීවරුන්ගේ නම් තේරීම් කාරක සභාව විසින් නම් කර ඇත්තේ.

ඒ අනුව, විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු, ශෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සීතා අරඹේපොල, සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, මධුර විතානගේ, රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකයන් ලෙස නම් කර තිබෙනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ ඇතත් එම කමිටුවේ මෙයට පෙර සභාපති ධූරය දැරූ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහි සාමාජිකයකු වශයෙන් හෝ පත් කර නොතිබීම විශේෂත්වයක්.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (COPA) සඳහා ද සාමාජික මන්ත්‍රීවරයන් නම්‍ කිරීම අද සිදු කෙරුණා.

නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන විසිනුයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, කථානායකවරයා සභාපතිවරයා ලෙසද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙම මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාව විසින් නම් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, මහින්ද අමරවීර, ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, කංචන විජේසේකර, නසීර් අහමඩ්, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, වජිර අබේවර්ධන, සී. බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම් යන මහත්ම මහත්මීනු යි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කර ඇත්තේ.

නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වෙනි සභාවාරය වාර අවසාන කිරීමත් සමග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මෙන්ම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අහෝසි වුණා.

ඒ අනුවයි ඊට නව සාමාජිකයන් පත් කිරීම සිදු කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?