යල කන්නයේ වී වගාවට අවශ්‍ය ජලය සැපයීමට එකඟතාවක්

2023 යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය ජලය සැපයීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

මීළඟ යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය ලබා දීම සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සාකච්ඡාවක් පවත්වන ලද අතර එම සාකච්ඡාවේ දී මේ සඳහා එකඟත්වය පළ කළ බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සඳහන් කළේ.

මහ කන්නයේ වී වගා කටයුතු මේ වනවිට අවසන්ව ඇති අතර බොහෝ ප්‍රදේශවල අස්වනු නෙළමින් පවතිනවා.

පසුගිය දිනවල පැවැති වර්ෂාවත් සමග සුළු වාරිමාර්ග, මහා වාරිමාර්ග හා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශ හා වැව්වල වගාවට අවශ්‍ය තරම් ජලය පවතින බව එම නිලධාරින් පවසන ලද බවත්, ඔවුන් විසින් වී වගාවට අවශ්‍ය ජලය ලබා දීමට එකඟත්වය පළ කරන ලද බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කළා.

කෙසේ වුව ද යල කන්නයේ දී අතිරේක බෝග වගාවට ද ගොවි ජනතාව උනන්දු කරවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

පසුගිය යල කන්නයේ වී වගාව සාර්ථක වීම මෙන්ම මෙවර මහ කන්නයේ දී වී මෙට්‍රික් ටොන් මිලියන 2.6ක අස්වැන්නක් ලැබෙනු ඇති බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබෙන පුරෝකථන අනුව යල කන්නයේ වී වගා කිරීම මෙන්ම අනෙකුත් බෝග වගාවට අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව බඩඉරිඟු, තල, මිරිස්, ලූණු, මුං, කව්පි හා උඳු වැනි අතිරේක බෝග වගාවන්ට අවශ්‍ය පොහොර හා බිම් සකස් කිරීමට රුපියල් 70,000ක ණය මුදලක් ගොවි ජනතාවට අවම පොලියක් යටතේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ විදේශීය ව්‍යාපෘතියක් වන SAPP- Small Scale Agriculture Participation Project යටතේ කටයුතු යොදා ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52