බිත්තර ආනයනය සම්බන්ධයෙන් සැපයුම්කරුවන්ගේ වාර්තා අද

බිත්තර ආනයනය සම්බන්ධයෙන් ඉන්දීය සැපයුම්කරුවන් ලබාදිය යුතු වාර්තා අද (04) දිනයේ ලැබෙනු ඇතැයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ අදාළ වාර්තා ලැබුණු වහාම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවයි.

බිත්තර ආනයනය කිරීමට අදාළ ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ තෝරාගෙන ඇති ඉන්දීය සැපයුම්කරුවන් දෙදෙනාට අද (04) දිනය ඇතුළත අදාළ වාර්තා ලබාදීමට කටයුතු කරන ලෙස දන්වා තිබෙනවා.

ඒ, අනුව එම වාර්තාවන්ට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු බිත්තර ආනයන ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කළ හැකියාව පවතින බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?