කුට්ටම් පොකුණේ කිඹුලෙක් නිසා අවදානමක්

අනුරාධපුර පූජා නගරයේ පිහිටි කුට්ටම් පොකුණ සහ එම අවට ප්‍රදේශයේ සැරිසරන කිඹුලෙකු හේතුවෙන් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.

අඩි 5ක් පමණ දිගැති මෙම කිඹුලා, වැඩිවශයෙන් කුට්ටම් පොකුණ තුළ රැඳී සිටින බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

වන්දනාවේ පැමිණෙන පිරිස් අතර සිටින කුඩා දරුවන්, පොකුණේ මත්ස්‍යයින්ට ආහාර දැමීමට කටයුතු කිරීම හේතුවෙන් එම දරුවන් දැඩි අවදානමකට ලක්වන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

කුට්ටම් පොකුණ ප්‍රදේශයේ සිටින වෙළඳසැල් හිමියන්, මෙම කිඹුලා සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති අතර අවස්ථා කිහිපයකදී ම කිඹුලා ඇල්ලීමට උත්සහ කළද එම ප්‍රයත්නයන් අසාර්ථක වුණා.

ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ට ජීවිත හානියක් සිදුවීමට පෙර මෙම කිඹුලා වෙනත් ස්ථානයකට ගෙනයාමට කටයුතු කරන ලෙස ද ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

කුට්ටම් පොකුණේ කිඹුලෙකු සිටින බවට දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කර තිබුණද, ඒ පිළිබඳ කිසිදු තැකීමකින් තොරව ඇතැම් බැතිමතුන් එම පොකුනේ මත්ස්‍යයින්ට ආහාර දැමීමට යොමුවන බවට ද ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

1
4 1
3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47