අනුරාධපුර පූජා නගරයේ පිහිටි කුට්ටම් පොකුණ සහ එම අවට ප්‍රදේශයේ සැරිසරන කිඹුලෙකු හේතුවෙන් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.
අඩි 5ක් පමණ දිගැති මෙම කිඹුලා, වැඩිවශයෙන් කුට්ටම් පොකුණ තුළ රැඳී සිටින බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.
වන්දනාවේ පැමිණෙන පිරිස් අතර සිටින කුඩා දරුවන්, පොකුණේ මත්ස්‍යයින්ට ආහාර දැමීමට කටයුතු කිරීම හේතුවෙන් එම දරුවන් දැඩි අවදානමකට ලක්වන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
කුට්ටම් පොකුණ ප්‍රදේශයේ සිටින වෙළඳසැල් හිමියන්, මෙම කිඹුලා සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති අතර අවස්ථා කිහිපයකදී ම කිඹුලා ඇල්ලීමට උත්සහ කළද එම ප්‍රයත්නයන් අසාර්ථක වුණා.
ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ට ජීවිත හානියක් සිදුවීමට පෙර මෙම කිඹුලා වෙනත් ස්ථානයකට ගෙනයාමට කටයුතු කරන ලෙස ද ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.
කුට්ටම් පොකුණේ කිඹුලෙකු සිටින බවට දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කර තිබුණද, ඒ පිළිබඳ කිසිදු තැකීමකින් තොරව ඇතැම් බැතිමතුන් එම පොකුනේ මත්ස්‍යයින්ට ආහාර දැමීමට යොමුවන බවට ද ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

















adi 5 kimbulekuta kala haki deyak nahe. namuth awadhanama thiyenne thawa awurudu 2-3 idhiriyata. eya loku wena nisa, ita passe eya kimbuliyak hoyagena awith petawu danna gannawa. dan uta minissu kanna onema nahe, kanna ona tharam dewal thiyenawa. u hunt karanne gangaka wewaka maha elaka jalashayaka wageyi hangila hangala berila inna haki thanaka, kanna wena monawath nathinam. meke inne patiyek, allana amaru nahe. namuth neethiya anuwa sathata thuwala unoth marunoth jail karanawa. anna eka nisa kenek meyata kittu wenne nahe