75 වන ජාතික නිදහස් සැමරුමට ඇමෙරිකා ජනපතිගෙන් සුබපැතුම්

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් හා පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා පවසනවා.

75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් එක් කරමිනුයි ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

එම සුබපැතුම් පණිවුඩය එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අවස්ථාවේ දී ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා.

දෙරටේම ජනතාවගේ සාමකාමී, සමෘද්ධිමත් සහ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිත්‍රත්වය සහ දැක්ම ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවයි ජෝ බයිඩ්න් මහතා එම පණිවිඩයේ සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් සැමරුම හා සමගාමීව එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සපිරෙන බවත්, මෙම දිගුකාලීන සබඳතාව කලාපීය සහ ගෝලීය වශයෙන් සාමය සහ සමෘද්ධිය ඉදිරියට ගෙන යාමට ඉවහල් වන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම, මිනිස් ජාවාරම මැඩලීම සහ ආරක්ෂිත නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් පවත්වාගෙන යාම ඇතුළු කටයුතුවලදී ඉතිහාසය පුරා දෙරටම ප්‍රබල ගෝලීය අභියෝගවලට මුහුණ දී ඇති බව ජෝ බයිඩ්න් මහතා සිහිපත් කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සබඳතා වඩා ශක්තිමත් වන්නේ සාමූහිකවය, නිදහස සහ සමානාත්මතාවෙන් බවයි බයිඩ්න් මහතා සිය සුබපැතුම් පණිවිඩය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?