හෙරොයින් සමග රෝහල් සේවිකාවක් අත්අඩංගුවට

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහායිකාවක ලෙස සේවය කරන කාන්තාවක් හෙරොයින් සමග කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

38 හැවිරිදි මෙම කාන්තාව පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන අතර, දැනට කටුනායක කෝවින්න ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන වෙනත් සැමියෙකු සමග ජීවත් වෙමින් සිටින බවයි මූලික විමර්ශනවලදී අනාවරණය කර ගෙන ඇත්තේ.

ඇය විසින්ම නිපදවන කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු සදහා යොදා ගන්නා ආලේපනයක් අඩංගු බදුන් තුළ, මෙම හෙරොයින් වෙනම ඔතා, කුඩා පැකට්ටු සකස් කර ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම ආලේපන බඳුන් තුළ රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 5 යි මිලි ග්‍රෑම් 200 බරැති හෙරොයින් තිබී පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් දෙන ලද තොරතුරක් මත මෙමයි සැකකාරිය අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ .

ඊයේ (01) දින මෙම කාන්තාව මෙම හෙරොයින් අඩංගු ආලේපන පාර්සලය කටුනායක මල්ගස්හංදිය ප්‍රදේශයේ දී මෝටර් රථයක පැමිණි පුද්ගලයෙකුට ලබා දීමට උත්සාහ කරමින් සිටියදී, පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය අත් අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර අද ඇය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00