සම්භාහනය මුවාවෙන් විදෙස් කතට අතවර කළ තෙරපිවරයා රිමාන්ඩ්

සම්භාහනය සඳහා පැමිණි විදේශිය කාන්තාවකට ලිංගික අතවර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර 40 හැවිරිදි තෙරපිවරයා ඊයේ (29) දිනයේ දී ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය දිනක අදාළ විදෙස් ජාතික කාන්තාව අහංගම, කබලාන ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් ඇති අතර, එහිදී සැකකරු විසින් ඇයව සම්බාහනය කරමින් සිටිය දී ඇයගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය ස්පර්ශ කර ඇති බවයි පැමිණිලි කර ඇත්තේ.

එංගලන්ත ජාතික කාන්තාව පොලිසියට සිදුකළ එම පැමිණිල්ලට අනුව සැකකරු පසුගිය දා (28) අහංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?