පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 24 දෙනෙකු ජිවිතක්ෂයට

උතුරු පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇතැයි එරට පොලිසිය පවසනවා

මගීන් 60 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අනතුරට ලක්වූ බස් රථය ධාවනයට සුදුසු බවට මෑතකදී ආරක්‍ෂිත පරීක්‍ෂණයක් සිදු කර ඇති අතර අනතුරු රක්‍ෂණයක් ඇති එකක් බව ද සඳහන්.

කොරියන්කා ටුවර්ස් සමාගමට අයත් මෙම බස් රථය ලීමා සිට පිටත් වී ඉක්වදෝරයේ මායිමේ පිහිටි ටුම්බෙස් වෙත යමින් සිටියදී ඔර්ගානොස් නගරය අසල දී මාර්ගයෙන් ඉවතට පෙරලි ගොස් තිබෙනවා.

“යක්ෂයාගේ වංගුව” (“Devil’s Curve”) ලෙස හැඳින්වෙන දුෂ්කර ස්ථානයක අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

මෙහි ගමන් කළ ඇතැම් මගීන් හයිටිවලින් පැමිණි අය බව පොලිසිය පවසා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ බොහෝ රියදුරන් අවදානම් මාර්ගවල වාහන ධාවනය කරන අතර නිසි පුහුණුවක් නොමැති වීම හේතුවෙන් පේරු රාජ්‍යයේ මාර්ග අනතුරු බහුලව දක්නට ලැබෙන බවයි.

පේරු හි මාර්ගවල රථවාහන අනතුරු බහුලව සිදු වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

2016 වසරේ පේරු රාජ්‍යයේ දී අනතුරුවලින් පුද්ගලයන් 2,600කට වැඩි පිරිසක් මිය ගිය බව පේරු ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.

2018 වසරේ දී, “යක්ෂයාගේ වංගුව” ලෙස හැඳින්වෙන පටු අධිවේගී මාර්ගයේ දී බස් රථයක් කඳු බෑවුමකින් පෙරළීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගියා. පේරු පොලිසිය සහ ගිනි නිවන නිලධාරීන් පැවසුවේ පසුව රජය විසින් බස් රථ ගමනාගමනය සඳහා එම මාර්ගය වසා දැමු බවයි.

2021 වසරේ දී ඇන්ඩීස් කඳුකරයේ අධිවේගී මාර්ගයකින් බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 29 දෙනෙකු මිය ගියා.

Peru1
Peru3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25