සිල්වෙස්ටර් විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගේ ඝාතකයා පොලිස් දැලේ

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ක්‍රීඩා සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ ආරක්ෂක නිලධාරියාගේ ළඟම මිතුරකු බවයි වාර්තා වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධයක් මුල් කරගනිමින් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පසුගිය 17 වනදා මෙම ඝාතනය සිදුව ඇති ඇති අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුර එම විද්‍යාලයේ සිසුවෙකුගේ පියෙකු විසින් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

බණ්ඩාරගම – තුම්මෝදර ප්‍රදේශයේ පදිංචි උදුල් සම්පත් නැමැති 27 හැවිරිදි වියේ පසුවන අයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, මුඛයට පාන්කඩ එබීම නිසා ශ්වසන මාර්ගය අවහිර වීමෙන් මරණය සිදුව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව තිබුණේ.

පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවකයකු වන මොහු මීට මාස 10කට පමණ පෙර එම ආයතනයේ සේවය සඳහා පැමිණ ඇති බවට අනාවරණය වූ අතර ඔහු එම විදුහලේ ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත කර ඇත්තේ ඝාතනයට ලක්වීමට සති දෙකකට පමණ ඉහතදීයි.

ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ ප්‍රදේශයේදී බවයි වාර්තා වුණේ.

සැකකරු ඝාතනයට සිදුකිරීමෙන් පසු දුරකථන සිම්කාඩ් 06ක් පාවිච්චි කරමින් සැඟව සිටීමට උත්සහ කර තිබෙන බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?