සිල්වෙස්ටර් විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගේ ඝාතකයා පොලිස් දැලේ

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ක්‍රීඩා සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ ආරක්ෂක නිලධාරියාගේ ළඟම මිතුරකු බවයි වාර්තා වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධයක් මුල් කරගනිමින් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පසුගිය 17 වනදා මෙම ඝාතනය සිදුව ඇති ඇති අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුර එම විද්‍යාලයේ සිසුවෙකුගේ පියෙකු විසින් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

බණ්ඩාරගම – තුම්මෝදර ප්‍රදේශයේ පදිංචි උදුල් සම්පත් නැමැති 27 හැවිරිදි වියේ පසුවන අයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, මුඛයට පාන්කඩ එබීම නිසා ශ්වසන මාර්ගය අවහිර වීමෙන් මරණය සිදුව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව තිබුණේ.

පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවකයකු වන මොහු මීට මාස 10කට පමණ පෙර එම ආයතනයේ සේවය සඳහා පැමිණ ඇති බවට අනාවරණය වූ අතර ඔහු එම විදුහලේ ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත කර ඇත්තේ ඝාතනයට ලක්වීමට සති දෙකකට පමණ ඉහතදීයි.

ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ ප්‍රදේශයේදී බවයි වාර්තා වුණේ.

සැකකරු ඝාතනයට සිදුකිරීමෙන් පසු දුරකථන සිම්කාඩ් 06ක් පාවිච්චි කරමින් සැඟව සිටීමට උත්සහ කර තිබෙන බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56