බිත්තර හිඟය පාලනයට සහ සාධාරණ මිලකට බිත්තර ලබාදීම ගැන කෝප් කමිටුවේ අවධානය

දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය සුරක්ෂිත කරමින් බිත්තර සඳහා සාධාරණ මිලක් තීරණය කිරීම සඳහා කරුණු 4ක් පිළිබඳ සාකච්ඡා කිරීමට කෝප් කමිටුව අදාළ නිලධාරීන් කැඳවා තිබෙනවා.

මෙහිදී නිෂ්පාදන පිරිවැය සාධාරණ ලෙස ඇස්තමේන්තු ගත කර වෙළෙඳපොළ තුළ බිත්තර සඳහා සාධාරණ මිලක් නියම කිරීම පිළිබඳ අවධානය යොමු වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

එමෙන්ම කුකුළු නිෂ්පාදන ආශ්‍රිත දේශීය බිත්තර කර්මාන්තය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

ඊට අමතරව වෙළඳපොලේ පවතින බිත්තර හිඟය පාලනය කිරීම පිළිබඳ අවධානය යොමු වූ අතර පාරිභෝගිකයාට සාධාරණ මිලකට බිත්තර ලබාදීම කෙරෙහි ද අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) පාර්ලිමේනුත මන්ත්‍රී රංජිත් බණ්චාරගේ සභාපතිත්වයෙන් ඊයේ (25) රැස් වූ අතර එහිදි පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමු කෙරුණා.

  1. නිෂ්පාදන පිරිවැය සාධාරණ ලෙස ඇස්තමේන්තු ගත කොට වෙළෙඳපොළ තුළ බිත්තර සඳහා සාධාරණ මිලක් නියම කිරීම පිළිබඳ අවධානය

පෙර පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබාදුන් නියෝගයට අනුව ඊයේ දින වෙළඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් විසින් බිත්තරයක නිෂ්පාදනය සඳහා යන පිරිවැය සැලකිල්ට ගෙන බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලදි.

මේ අනුව මෙම ඉදිරිපත් කරන ලද මිල සූත්‍රය සහ අනෙකුත් කරුණු පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභා සභාපති (මහාචාර්ය) ගරු රංජිත් බණ්ඩාර මහතා මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි විවිධ ප්‍රායෝගික ගැටළු හේතුවෙන් මිල සූත්‍රය නැවත සලකා බලන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙහිදී කාරක සභා රැස්වීමේදී සාකච්ඡා වූ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මිල සූත්‍රයේ අවශ්‍ය සංශෝධන පිළිබඳ නැවත සලකා බැලීමට පායවර ගන්නා බව පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ.

  1. දේශීය කුකුළු නිෂ්පාදන ආශ්‍රිත බිත්තර කර්මාන්තය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වෙයි.

මෙහිදී කෝප් කමිටුවේ අදහස වූයේ කුකුළු නිෂ්පාදන ආශ්‍රිත බිත්තර කර්මාන්තය සුරක්ෂිත කළ යුතු බවයි. ඒ අනුව රුපියල් 51 මිලකට මාස 1 ½ බිත්තර මිල ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිනම් ඉදිරයේදී බිත්තර මිල අඩු කළ හැකි බව බිත්තර නිෂ්පාදන කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්ව විසින් කෝප් කමිටුව හමුවේ සඳහන් කළ බව මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.

මේ අනුව දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන අතරම, පාරිභෝගිකයාගේ දෘෂ්ටිකෝණයෙන්ද මේ දෙස බලා සියලු පාර්ශ්ව වෙත සාධාරණයක් වන ආකාරයෙන් කටයුතු කළ යුතු බව කමිටුවේ අදහස විය.

  1. වෙළඳපොලේ පවතින බිත්තර හිඟය පාලනය කිරීම පිළිබඳ අවධානය.

දිනකට බිත්තර මිලියන 3ක පමණ තාවකාලික හිඟයක් පවතින බව කෝප් කමිටුවේදී අනාවරණය වූ අතර මේ සඳහා කඩිනම් පිළියමක් මේ වන විට නොමැති බව පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය. එබැවින් පාරිභෝගික අවශ්‍යතාව සැලකිල්ලට ගෙන සීමිත බිත්තර ප්‍රමාණයක් වෙළඳපොළ සඳහා ආනයනය කිරීමට එකඟ වී ඇති බව ද පැමිණ සිටි නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ.

  1. පාරිභෝගිකයාට සාධාරණ මිලකට බිත්තර ලබාදීම කෙරෙහි අවධානය

මේ පිළිබඳ ඉදිරිපත් කර ඇති සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයාට සාධාරණයක් වන ආකාරයෙන් බිත්තර මිල සම්බන්ධ ගැටලුවට විසඳුම් සෙවීමට සියලු පාර්ශ්ව උත්සාහයන් දැරිය යුතු බව කෝප් කමිටුවේ අදහස විය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලෙසත්, මේ සඳහා ප්‍රායෝගික විසඳුමක් සෙවීමට සියලු පාර්ශ්ව සාමූහිකව කටයුතු කරන ලෙසත් කෝප් කමිටුවේ සභාපති (මහාචාර්ය) ගරු රංජිත් බණ්ඩාර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15