ඉන්දියාවත් – ශ්‍රී ලංකාවත් දෙරටේම අභිවෘද්ධිය උදෙසා සහයෝගයෙන් අත්වැල් බැඳගත යුතුයි – ඉන්දීය මහ කොමසාරිස්

ඉන්දියාව 2047දීත්, ශ්‍රී ලංකාව 2048දීත් සමරනු ලබන නිදහසේ ශත සංවත්සරය දක්වා වූ ගමනේදී දෙරට සහයෝගීතාවයෙන් සහ එක්ව ඉදිරියට යාම ඉතා වැදගත් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසනවා.

ඉන්දියාවේ 74 වන ජනරජ දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති සැමරුම් උත්සවය අමතමිනුයි ගෝපාල් බග්ලේ මහතා මේ බව සඳහන් කළේ.

“සංහිඳියාවේ රිද්මය” නමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඊසානදිග ඉන්දියාවේ නාගලන්ද් ප්‍රදේශයෙන් බිහිවී, ලෝක පිළිගැනීමට ලක් වූ UDX සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ Heavy metal Quintet Band Stigmata සංගීත කණ්ඩායම එක්ව සංගීත ප්‍රසංගය ඉදිරිපත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප මිත්‍රත්වය හා සාමය සහ සෞභාග්‍යය සඳහා වන දෙරටේම අපේක්ෂාවන් පිළිඹිබු කිරීම උදෙසා මෙම සංගීත කණ්ඩායම් දෙක තෝරාගත් බවයි ඉන්දීය මහකොමසාරිස්වරයා සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා..

ඉන්දියාව වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් මෙන්ම විවිධත්වයෙන් යුතුව ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටක්. මේ තත්ත්වය ශ්‍රී ලංකාවටත් පොදුයි. තව දින කිහිපයකින් ශ්‍රී ලංකාව සිය 75වන නිදහස් දිනය සමරනු ලබනවා. එබැවින් සමීප මිතුරන් ලෙස අප මෙම සැමරුම සැබෑ සහජීවනයේ රිද්මය පිළිඹිබු කරමින් එකට එක්ව සැමරිය යුතුයි. එම සහජීවනයේ රිද්මය වෙනස් සංගීත කණ්ඩායම් දෙකක සහ වෙනස් සංගීත සම්ප්‍රදායන් දෙකක සුසංයෝගය පමණක් නොව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සුසංයෝගය ද පිළිඹිබු කළ යුතුය.

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම හා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි සැමරුම සඳහා සහයෝගයෙන් අප එක්විය යුතු අතර නිදහසේ ශත සංවත්සරය දක්වා වූ වැඩපිළිවෙළට එක්ව කැපවීමට ද අදිටන් කරගත යුතුයි. එම සහයෝගය පැවතිය යුත්තේ දේශපාලන නායකයන්, වෘත්තිකයන්, විද්‍යාඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, නිලධාරීන් සහ සිවිල් සේවකයන් අතර පමණක් නොවෙයි. දෙරටේම අභිවෘද්ධිය උදෙසා සමාජයේ සෑම තරාතිරමකම ජනතාව ඊට එක්විය යුතු බව මගේ විශ්වාසයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06