යාපනයේ කල්ලි දෙකක් අතර මහ දවාලේ ගැටුමක් (ඡායාරූප)

යාපනයේ ක්‍රියාත්මක කල්ලි දෙකක් අතර අද (24) දහවල් ගැටුමක් හටගෙන තිබෙනවා.

එම ගැටුමෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා යාපනය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කල්ලි දෙකේ සාමාජිකයින් දෙපිරිසක් අද දහවල් ගමන් ගත් වාහන දෙකක් යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ දී එකිනෙකට හප්පාගෙන ඇති අතර, වාහන හප්පා ගැනීමෙන් අනතුරුව දෙපිරිස අතර මෙම ගුටිබැට හුවමාරුව සිදුව තිබෙනවා.

මෙලෙස එකිනෙකට හප්පාගත් කැබ් රථයකට හා මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

යාපනය ප්‍රදේශවාසීන් පැවසූවේ ‘වික්ටර්’ කල්ලිය නමින් හදුන්වන කල්ලියක් හා තවත් කල්ලියක් අතර වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස දමිළ සිනමා පටවල දර්ශනවල පවතින ආකාරයට මෙලෙස වාහන දෙක හප්පාගෙන ඇති බවයි.

මේ අතර වික්ටර් කල්ලිය, ධනු කල්ලිය, ආවා කල්ලිය, අජිත් කල්ලිය නැමැති නම්වලින් හඳුන්වන කල්ලි රැසක් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක බවයි යාපනය ආරක්ෂක අංශ පැවසූවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09