උසස් පෙළ ලියා නිවසට එමින් සිටි පෙම්වතියට පෙම්වතා ඇසිඩ් පොවන්න හදලා

උසස් පෙළ විභාගට මුහුණ දී සිය පියා සමඟ ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටි ශිෂ්‍යාවකට පෙම්වතා විසින් ඇසිඩ් පෙවීමට උත්සාහ කළ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (23) පස්වරුවේ විභාගය අවසන්ව අදාළ සිසුවිය සිය පියා සමඟ ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටින අතර තුර, යතුරුපැදියකින් පැමිණි පෙම්වතා කෑගල්ල – පරගම්මන ප්‍රදේශයේ දී මඟ හරස්කොට ත්‍රිරෝද රථයට ගොඩ වී ඇයට ඇසිඩ් පෙවීමට උත්සාහ කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුව එය වැළක්වීමට සිසුවියගේ පියා උත්සාහ ගත් අවස්ථාවේ දී තිදෙනාගේම ශරීරයට ඇසිඩ් විසිරී පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ සිසුවිය, පියා සහ පෙම්වතා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ශිෂ්‍යාවක්, ඇයගේ 45 හැවිරිදි පියා සහ කෑගල්ල නගරයේ පදිංචි 21 හැවිරිදි පෙම්වතා බවයි වාර්තා වුණේ.

සිය පෙම්වතිය උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙතැයි ඇති වූ සිතිවිල්ල හේතුවෙන් පෙම්වතා විසින් මෙලෙස ඇයට ඇසිඩ් පෙවීමට උත්සාහ ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

  1. MANASIKA LEDDU SAMAJAYE HEMA THANAMA WISIRILA. PITIN PENNE NAHE, EKAYI BHAYANAKA KAMA. JEEWITHAYA KIYANNE SIDUWEEM GODAKA SAHA PELAKA EKATHUWAK. EKA HEENEN REYA ELI WENNE NAHE WAGEYI EKA SIDUWEMAKIN SIYA JEEWITHAYE PEWETHAM AWASANA NOWANA BAWA DAN INNA UN DANNE NAHE, HITHANNE NAHE. KELLA THAMNTA WADA UDIN HITIYOTH KIYANA HEENAMANAYA GODAK EWUNGE THIYENAWA. KELLA THAMUNTA WADA PAHALIN HO WAHALIYAK LESA INNA ONA KIYALA GODAK UNHITHANAWA. EHEMA HITHANA HEMA EKAMA THAMUN AWETH GENU KENEUGE BADYI MASA DAHAYAK INDHALA EYAGE SARAYA URA BEELA HADHILA EYATA DENNA HAKI ISILIYA NOHAKI DARAGATHA NOHAKI UPARIMA WEDHANAWA DEELA ELIYATA AWITH EYAGE LEYA KIRI KARALA DENA KIRI MASA 12-24 BEELA EYA HADALA DENA KEMA AURUDU 20-25 WENAKAM KALA, EYATA KIYALA THAMUNG ANDUM OKKOMA HODALA MELA DEELA SITI AMMA WAGEMAYI EYI HEMA GEHENIYEK MA AMMA KENEK L=KIYALA HITHANNA BERI EYI.