spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ ලියා නිවසට එමින් සිටි පෙම්වතියට පෙම්වතා ඇසිඩ් පොවන්න හදලා

උසස් පෙළ විභාගට මුහුණ දී සිය පියා සමඟ ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටි ශිෂ්‍යාවකට පෙම්වතා විසින් ඇසිඩ් පෙවීමට උත්සාහ කළ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (23) පස්වරුවේ විභාගය අවසන්ව අදාළ සිසුවිය සිය පියා සමඟ ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටින අතර තුර, යතුරුපැදියකින් පැමිණි පෙම්වතා කෑගල්ල – පරගම්මන ප්‍රදේශයේ දී මඟ හරස්කොට ත්‍රිරෝද රථයට ගොඩ වී ඇයට ඇසිඩ් පෙවීමට උත්සාහ කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුව එය වැළක්වීමට සිසුවියගේ පියා උත්සාහ ගත් අවස්ථාවේ දී තිදෙනාගේම ශරීරයට ඇසිඩ් විසිරී පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ සිසුවිය, පියා සහ පෙම්වතා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ශිෂ්‍යාවක්, ඇයගේ 45 හැවිරිදි පියා සහ කෑගල්ල නගරයේ පදිංචි 21 හැවිරිදි පෙම්වතා බවයි වාර්තා වුණේ.

සිය පෙම්වතිය උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙතැයි ඇති වූ සිතිවිල්ල හේතුවෙන් පෙම්වතා විසින් මෙලෙස ඇයට ඇසිඩ් පෙවීමට උත්සාහ ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?