ලොවක් හඳුනන හොලිවුඩ් තරුව අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු ජෙරමි රෙනර් අනතුරකට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසු ගිය ජනවාරි පළමු වනදා ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

හිම කන්දක් ජෙරමි රෙනර්ගේ ශරීරය මතය කඩා වැටීමෙන් ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති අතර, අනතුරෙන් ඔහුගේ ශරීරයේ අස්ථි 30කට අසන්න සංඛ්‍යාවකට බරපතල හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් පසු ඔහු වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, මේ වන විට ජෙරමිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සඳහන්.

කෙසේ වෙතත් ජෙරමි රෙනර් මුහුණ පෑ මෙම දරුණු අනතුර සම්බන්ධයෙන් මීට පෙර මධ්‍යවල වාර්තා නොවූ අතර, ඒ පිළිබඳව මාධ්‍යට හෙළිනොකිරීමට ඔහුගේ පවුලේ සාමාජිකයින් කටයුතු කර ඇති බව සඳහන්.

ඒ, අනුව සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු ජෙරමි රෙනර් අනතුරකට මුහුණ පා ඇති බව ලොව ප්‍රකට මාධ්‍ය රැසක් වාර්තාකර තිබුනේ අද දිනයේ දී වීම විශේෂත්වයක්.

සති තුනක පමණ කාලයක් රෝහල් ගතව සිටි ජෙරමි රෙනර් රෝහලෙන් පිටව නිවසට පැමිණීමෙන් පසු සිය ට්විටර් ගිණුමට පළකළ සටහනකින් අනතුරුවයි ඔහු මෙලෙස අනතුරක්කට මුහුණ පා ඇති බව මාධ්‍යට අනාවරණය වී ඇත්තේ.

2 9
230107124714 jeremy renner hospital update 0106
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !