නානුඔය රිය අනතුරේ බස් රථ රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

නානුඔය රිය අනතුරට සම්බන්ධ බස් රථ රියදුරා ලබන පෙබරවාරි මස පළමුවනදා දක්වා ක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

නුවරඑළිය මහේස්ත්‍රාත් නාලක සංජිව එදිරිසිංහ මහතායි අද (22) මෙම නියෝගය ලබාදුන්නේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හොරණ කුඩාඋඩුව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙක්.

ඔහු මෙම අනතුරින් තුවාල ලබා නුවරඑළය දිස්ත්‍රික් මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටයදී නානුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරුගේ තත්වය පිළිබඳ සොයා බැලමට නුවරඑළය දිස්ත්‍රික් මහා රෝහල වෙත ගිය මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබෙනවා.

මේ අතර නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ රිය අනතුරකින් මිය ගිය එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භුමියේදී අද අලුයම සිදු කෙරුණා.

මෙලෙස මියගියේ 54 හැවිරිදි පියා, 42 හැවිරිදි මව, වයස අවුරුදු 14ක් වන ඥාති පුත්‍රයා මෙන්ම අවුරුදු 11 සහ 7 යන වයස්වල පසුවූ දියණියන් දෙදෙනෙක්.

දික්ඔය මුස්ලිම් පල්ලියේ සිදු කළ විශේෂ යාඥා මෙහෙයකින් පසු මියගිය පස්දෙනාගේ අවසන් කටයුතු සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මියගිය පිරිසට අවසන් ගෞරව දැක්විම සඳහා ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඇතුළු ප්‍රදේශවාසින් විශාල පිරිසක් එක්ව තිබෙනවා.

මියගිය පියා සහ ඥාති පුත්‍රයා එකම සොහොන් වලක සහ මවත්, දියණියන් දෙදෙනාත් එක් සොහොන් වලක මිහිදන් කරනු ලැබුවා.

අනතුරට ලක්වූ වෑන් රථයේ එම පවුලේ ඥාතින් දස දෙනෙකු ගමන් කර ඇති අතර, බරපතල තුවාල ලැබු අනෙකුත් සිව්දෙනා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මිය ගිය අය සිහි කරමින් හැටන් දික්ඔය නගරයේ සියළුම වෙලදසැල් ඊයේ (21) දින වසා දමා නගරය සුදු කොඩිවලින් සරසා තිබු බවයි.

මෙම අනතුරෙන් මිය ගිය වෑන් රථයේ රියදුරු වන හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයාගේ සිරුර ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට සිදු කරන බවයි පවුලේ ඥාතින් ප්‍රකාශ කළේ.

පෙරේදා (20) දින රාත්‍රියේ නුවරඑළිය සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථය රදැල්ල කෙටි මාර්ගයේ දී වෑන් රථයක් සහ ත්‍රී රෝද රථයක් ද අනතුරට පත් කරමින් මිටර් 100ක පමණ ප්‍රපාතයකට ඇදී ගොස් තිබුණා.

බස් රථයේ ගමන් ගත් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ළමුන් 41 දෙනෙකු, ගුරුවරුන් සහ දෙමව්පියන් ඇතුළු 53 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබු අතර, ඔවුන්ගෙන් 43 දෙනෙකු ඊයේ පස්වරුව වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා කියාසිටියේ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන 10 වසරෙන් ඉහළ ළමුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් බස් රථ 14 කින් නුවරඑළිය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණ ආපසු කොළඹ දක්වා ගමන් කරන අවස්ථාවේ මෙම අනතුර සිදු වී තිබෙනවා.

මේ අතර මෙම අනතුරින් පසු අධික බෑවුමක් සහිත රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය ඊයේ සිට තහනම් කිරිමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පියවර ගෙන තිබෙනවා.

එම මාර්ගයේ සැහැල්ලු වාහන පමණක් ධාවනය කිරීමටයි නානුඔය පොලිසිය අවසර ලබා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55