කුලී නිවසක බස් රියදුරෙකුගේ මළ සිරුරක්

ගල්කිස්ස තෙලවල පෝච්චිවත්ත ප්‍රදේශයේ නිවසක් තුල සැක කටයුතු ලෙස පුද්ගලයෙකු මියයාම පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (20) සවස පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් ගල්කිස්ස පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ.

මියගොස් ඇත්තේ බලංගොඩ වැලිතැන්න ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි බස් රථ රියදුරෙක්.

තවත් අයෙකු සමග ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ කුලියට ගත් නිවසක නතරවී සිට ඇති අතර පෙරේදා (19) රැකියා කටයුතු අවසන් කර කුලී නිවසට පැමිණ තිබූ බව සඳහන්.

පසුව මියගොස් ඇති පුද්ගලයාගේ සහෝදරයාට කිසියම් අයෙකු දුරකතන ඇමතුමක් ලබාදී ප්‍රකාශ කර ඇත්තේ මෙම පුද්ගලයා නිවසේ වැටී සිටින බවට දැනුම්දෙන ලෙසට ඔහු සමග නවාතැන්ගෙන සිටි අනෙක් පුද්ගලයා තමාට දැනුම් දුන් බවයි.

පසුව මියගොස් ඇති පුද්ගලයාගේ සහෝදරයා එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී දැක ඇත්තේ අධික ලෙස රුධිරය වහනය වී ඇති නිරුවත් වූ සොහොයුරාගේ මළ සිරුරයි.

පසුව ඔහු ගිලන් රථයක් මගින් කලුබෝවිල රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මෙය ඝාතනයක් බවට සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

සිද්ධියට අදාළව සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02