AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ රාමේෂ්වරම් මුහුදු වෙරළට බුදුපිළිම රැසක් සමග යාත්‍රාවක් ගොඩගසයි

ඉන්දියාවේ රාමේෂ්වරම් මුහුදු වෙරළ තීරයට ඊයේ (18) දින බුදුපිළිම රැසක් සමගින් මණ්ඩපයක් මෙන් සැකසූ යාත්‍රාවක් ගොඩගැසීම හේතුවෙන් එහි ධීවර ජනතාව නොසන්සුන් වී ඇතැයි වාර්තා වනවා.

අදාළ යාත්‍රාව ශ්‍රීලංකාවේ උතුරු ප්‍රදේශයේ සිට ගසාගෙන එන්නට ඇති බවටයි රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවර ජනතාවට සැක මතුවී ඇත්තේ.

රාමේෂ්වරම් තංගච්චිමඩම්, අන්තොනියර්පුරම් වෙරළ තීරයට මෙලෙස මෙම යාත්‍රාව ගොඩගසා තිබූ අතර පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ධීවරයින් පොලිසියට හා වෙරළාරක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

පොලිසිය හා වෙරළාරක්ෂක නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ සිදුකරන ලද පරික්ෂණවලදී අනාවරණ වී ඇත්තේ යාත්‍රාව තුල විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් බුදු පිළිම රැසක් හිඳුවා ඇති බවයි.

මෙය කුමන හේතුවක් මත නිර්මාණය කළ එකක් ද යන්න මෙතෙක් හෙළිවී නැහැ.

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් හෝ මියන්මාරයෙන් මෙම බුදුපිළිම සහිත යාත්‍රාව පැමිණෙන්නට ඇති බවටයි.

යාත්‍රාව එලෙස ගසාගෙන ඒමට හේතුව පිළිබඳව වැඩිදුර පරික්ෂණය අරඹා ඇති බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?