ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට එකඟ වන බව ඉන්දියාව IMF වෙත දන්වයි

ශ්‍රී ලංකාවේ අනාගත ණය වැඩසටහනට සහයෝගය ලබාදෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට ඉන්දියාව එකඟ වන බව ඉන්දීය මුදල් අමාත්‍යංශ නිලධාරී රජට් කුමාර් මිශ්‍රා IMF ප්‍රධානියාට දැනුම්දී තිබෙනවා.

ඒ ලිපියක් යොමු කරමින්.

ශ්‍රී ලංකාව IMF වෙතින් ඩොලර් බිලියන 2.9ක ණයක් අපේක්ෂා කරන බැවින්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට දැඩි ලෙස සහාය දෙන බවයි ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ අනාගත ණය වැඩසටහන සඳහා අපගේ ප්‍රබල සහයෝගය මෙයින් තහවුරු කරන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අනුකූලව මූල්‍ය සහ ණය සහන සමඟ ශ්‍රී ලංකාවට සහාය වීමට කැපවී සිටිමුයනුවෙන් ඉන්දියාව අදාළ ලිපිය මගින් සඳහන් කර තිබෙනවා.

රට මුහුණ දුන් දරුණුතම මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට අත්‍යවශ්‍ය වන ඩොලර් බිලියන 2.9ක ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අවසන් එකඟතාවකට පැමිණීමට චීනයේ සහ ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය වනවා.

අරමුදල් ලබාදීමට පෙර ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් පූර්ව මූල්‍ය සහතික ලබා ගැනීමටත්, එහි අධික ණය බර තිරසාර මාවතකට යොමු කිරීමටත්, රාජ්‍ය ආදායම ඉහළ නැංවිය යුතු බවත් IMF ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වසරේ පළමු කාර්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙනු ඇති බවටයි විශ්වාසය පළ වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06