සරසවි සිසුවිය ඝාතනයේ සැකකරු ගැන අලුත්ම හෙළිදරව්වක්

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවියක් ඝාතනය කිරීමට සම්බන්ධ සැකකාර සිසුවා මීට පෙර අවස්ථාවකදී සියදිවි නසා ගැනීමට උත්සාහ ගත් අයෙක් බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ මෙම ඝාතන සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ද කැලණි ගඟට පැන සියදිවි නසා ගැනීමට සූදානම් වී ඇති බවයි.

ඝාතනයට ලක්වූ සිසුවිය සහ සැකකාර සිසුවා අතර ප්‍රේම සබඳතාවක් ද පැවති අතර දෙදෙනා අතර ඇතිවූ විරසකයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

එමෙන්ම මෙම ඝාතනය සැලසුම් සහිතව සිදු කළ එකක් බවට ද දැනට සිදු කළ විමර්ශනවලින් හෙළිවී ඇති බවයි පොලිසි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව ද නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම සැකකාර තරුණයා සහ මියගිය සිසුවිය අතර මතබේධයට හේතුවී ඇත්තේ ඇය වෙනත් තරුණයෙක් සමග සම්බන්ධතාවක් පැවැත්වීම හේතුවෙන් බවට පළවන වාර්තා පොලිසිය ප්‍රතික්ෂේප කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ මෙතෙක් සිදු කළ පොලිස් පරීක්ෂණවලින් එවැනි කිසිදු කරුණක් අනාවරණ වී නොමැති බවයි.

කොළඹ තුරඟ තරඟ පිටිය ප්‍රදේශයේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ශිෂ්‍යාවගේ පෙම්වතා බව කියන මෙම සැකකරු තරුණයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත සැකකරු අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කුරුදුවත්ත පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සැකකරු මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසටයි.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32