නිවසේ කාන්තාව මරා රන් භාණ්ඩ සහ මුදල් රැගෙන මෙහෙකාරිය පළා ගිහින්

කාන්තාවකට විෂ සහිත ද්‍රාවණයක් මුහුණට ඉස පහර දී ඝාතනය කර ඇයගේ රන් භාණ්ඩ සහ මුදල් රැගෙන නිවසේ සේවයට සිටි මෙහෙකාරිය අතුරුදන්ව ඇති බව වැල්ලම්පිටිය පොලිසිය පවසනවා.

සැකකාරිය විසින් ඝාතනයට යොදාගත් අඩි තුනක් පමණ දිගැති පොල්ලක් සහ විෂ ද්‍රාවණයක් සහිත බෝතලයක් නිවසේ තිබී සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය, ලංසියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ දරුවන් විදේශගතව සිටින අතර, මීට මාස හයකට පමණ ඉහතදී මෙම කාන්තාව තෙමහල් නිවසක පහත මහලේ නිවසට කුලී පදනම මත පදිංචියට පැමිණ ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පසුව ඇය විසින් මීට දෙසතියකට පමණ ඉහත දී ගම්පහ, කලගෙඩිහේන ප්‍රදේශයේ වයස අවුරුදු 30ක පමණ තැනැත්තියක් නිවසේ මෙහෙකාර සේවයට කැඳවාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ මෙහෙකාරිය මෙම ඝාතනය සිදුකර නිවසේ තිබූ මුදල් සහ රන් අභරණ කොල්ල කා මෙලෙස පලාගොස් ඇති බව සඳහන්.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ සිද්ධිය සිදුවූ ස්ථානයේ පරීක්ෂණ පවත්වා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46
Video thumbnail
විමල් බීලා හිටියේ නෑ - විමල් වැටුණේ රණවිරුවන්ගේ පාමුලට
09:36
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු..සැවොම සංවේදී කළ මොහොත මෙන්න
05:22
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:11
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
01:06
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ සිද්ධිය නිසා උසාවිය ඉදිරිපිට උණුසුම් වෙයි
08:26
Video thumbnail
"යුද්ධය හොඳ ද නරක ද කියා විනිශ්චයක් ලබාදීමට මම සූදානම් නැහැ"රණවිරුවන් ඉදිරියේ ජනපති කළ ප්‍රකාශය
21:11
Video thumbnail
ජනපතිගේ කටින් එන්නේ නෑ කිව්ව වචනේ මෙන්න - රණවිරුවෝ කියලම අමතයි
04:09
Video thumbnail
දයාසිරි නැගිටලා හතර වටේටම දෙසයි - රණවිරු සැමරුමට මහින්ද මහත්තයට කියලා නෑ
08:29