කොම්පඤ්ඤවීදියේ සුපිරි අවන්හලක පැවති මත් සාදය වැටලූ මෙහෙයුම

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුපිරි අවන්හලක පැවැත් වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණියක් ඇතුළු සිව්දෙනෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (15) අලුයම් කාලයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සන්තකයේ තිබී කොකේන්, කුෂ් සහ මත්පෙති සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

‘ද පිරේට්ස්’ යනුවෙන් මුහුණු පොත හරහා මෙම සාදය සංවිධානය කර ඇති අතර, පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සාදයට සහභාගී වන මුවාවෙන් ගොස් මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වැටලීමේ දී මත්ද්‍රව්‍යසන්තකයේ තිබෙන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් පමණක් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.

කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම සුපිරි අවන්හලේ උත්සව ශාලාව රුපියල් ලක්ෂ 05ක මුදලකට කුලී පදනම මත ලබාගෙන මෙම සාදය පවත්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මුහුණු පොත හරහා සංවිධානය කර තිබූ මෙම සාදය සඳහා සහභාගිවීමට රුපියල් 5000ක මුදලක් අයකර ගෙන ඇති අතර ඒ සඳහා මෙරට ධනවත් පුද්ගලයන්ගේ දරුවන් රැසක් සාභාගී වී ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය ඇත්තේ.

මේ අතර ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායිකාවකට ද මෙම සාදයේ ගී ගැයීම සඳහා ආරාධනා කර තිබූ බවට තොරතුරු වාර්තා වූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පවසා සිටියා.

මෙම සාදය සඳහා සහභාගී වූ පුද්ගලයින්ට මත්පැන් බෝතලයක් රුපියන් 28,000ක මුදලකටත්, කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක් රුපියල් 50,000කට සහ මත් පෙත්තක් රුපියල් 5,000ක මුදලකටත් අලෙවි කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සාදයේ දී අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත භාරදීමට කටයුතුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29