පළමු ලෝක කුසලාන තරගයෙන්ම ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ජය

ලොව පළමු වතාවට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ බාලිකා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන්ම ඇමරිකා කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කරමින් පළමු ලෝක කුසලාන තරග ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14 සමත් වුණා.

බෙනෝනිහි පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 කට ලකුණු 96 ක් රැස් කළා.

ඇමරිකානු කණ්ඩායමට ප්‍රභල අභියෝගයක් වූ පන්දු යවන්නිය බවට පත්වූයේ දෙව්මි විහංගා වන අතර ඇය පන්දුවාර 4 දී නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුණු 11 කට කඩුලු 3 ක් බිඳ හෙළුවා.

පළමු කඩුල්ල ලෙස ලසාය මුල්පුඩි දවා ගත් දෙව්මි අනතුරුව සිඝා පෝල් සහ නායිකා ගීතිකා කොඩලි දවා ගනිමින් තම කඩුලු 3 සම්පූර්ණ කර ගැනීමට සමත් වුණා.

මෙම තරගයට පෙර පැවැති පුහුණු තරග වලදී ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක්ද වාර්තා කර ගැනීමට දෙව්මි සමත්වී ඇති බැවින් තරගාවලියේ වැඩිම අවධානයක් දිනා සිටින ක්‍රීඩිකාවන් අතරට එක්වීමට සමත්ව සිටිනවා.

ඇමරිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභීණිය වූයේ සිතූ සිං වන අතර ඇය පන්දු 23 කදී ලකුණු 22 ක් ලබාගත්තා.

දෙව්මි හැරුණු වීට වමත් දඟ පන්දු යවන වන විදුෂිකා පෙරේරා ලකුණු 15 කට කඩුලු 2 ක් දවා ගත්තා.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුල්ල ලෙස නෙත්මි සේනාරත්න මුලු ලකුණු සංඛ්‍යාව 08 ක්ව තිබියදී දැවී ගිය නමුත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණනරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකාරිණියන් 19 වැනි පන්දුවාරය අවසානයේදී කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වුණා.

පන්දු 6ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ඉලක්කය සපුරා ගන්නා විට ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නියන් දවාගැනීමට සමත්ව සිටියේ කඩුලු 3ක් පමණයි.

රිතූ සිංහගේ පන්දුවකට හයේ පහරක් එල්ල කළ මනුදි නානායක්කාර ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කරන විට පන්දු 31කදී ලකුණු 32 ක්ද නායිකා විශ්මි ගුණරත්න පන්දු 40 කදී ලකුණු 34ක් ද ලබා සිටියා.

නායිකාවට වඩා ප්‍රහාරාත්මක වූ මනුදි සිය ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරද්දී නායිකාව හතරේ පහර 2කින් පමණක් සිය ඉනිම සරසා ගත්තා.

පළමු කඩුල්ල දැවී යෑමෙන් පිටියට එක් වුණු සුමුදු නිසංසලා සහ විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ලට ලකුණු 24ක් එක් කළා.

සුමුදුගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි දෙව්මි විහංගා ලකුණු 10 කට දැවී යද්දී විශ්මි සහ මනුදි ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 96 යි – (රිතූ සිං 22, ඩීෂා දින්ග්‍රා 18, ගීතිකා කොඩලි 11, දෙව්මි විහංගා 11/3, විදුෂිකා පෙරේරා 15/2)

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුලු 3 ට ලකුණු 100 යි – විශ්මි ගුණරත්න නොදැවී 34, මනුදි නානායක්කාර නොදැවී 32, සුමුදු නිසංසලා 14, දෙව්මි විහංගා 10, භූමිකා බද්‍රිරාජු 17/2)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09