මාවනැල්ලේ ද්විත්ව ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට – ඝාතකයා පළා ගිහින්

මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළව ඇති වූ ආරවුලක් මත ඝාතනය කර රහසිගතව වළ දමා තිබූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනාගේම සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා.

තරුණයින් දෙදෙනා අතරින් එක අයෙකුගේ සිරුරක් පසුගිය 12 වනදා සොයාගත් අතර, අනෙක් තරුණයාගේ සිරුර සොයාගනු ලැබුවේ ඊයේ (13) දිනයේ දීයි.

රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේ නිවසක පසුපස වළදමා තිබිය දී මෙම සිරුරු ගොඩගත් අතර, ඒ තරුණයින් දෙදෙනෙක් පසුගිය නොවැම්බර් 19 සහ 25 යන දෙදින තුළ අතුරුදන් වී ඇති බවට මාවනැල්ල පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලින් අනතුරුවයි.

26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් සහ 28 හැවිරිදි මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නම් තරුණයින් දෙදෙනා මෙලෙස අතරුදන්ව සිට ඇති අතර, කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව මොවුන්ගේ සිරුරු මෙලෙස සොයාගෙන තිබෙනවා.

රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ෆර්හාන් නැමැත්තාගේ නිවස තුළ තරුණයින් දෙදෙනෙකු ඝාතනය කරන අයුරු තමා දුටු බවට තොරතුර ලබාදුන් පුද්ගලයා පොලිස් කොස්තාපල්වරයාට පවසා ඇති බව සඳහන්.

ෆර්හාන් නැමැත්තා, පසුගිය නොවැම්බර් 25 වනදා අතුරුදන් වූ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නම් තරුණයාට දින 03ක් පමණ නිවස තුළ දී වධහිංසා පැමිණ වූ බව එම පුද්ගලයා පවසා ඇති අතර, 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් තරුණයා පළමුව මියගිය බවත් ඔහු නිවසේ පසුපස ස්ථානයක වළදැමූ බවත් තොරතුරු ලබාදුන් පුද්ගලයා පොලිසියට පවසා තිබෙනවා.

පසුව මියගිය අනෙක් තරුණයා ද මීට පෙර මියගිය තරුණයා වළ දැමූ නිවස පිටුපස ස්ථානයේ ම වළ දැමූ බව තොරතුරු ලබාදුන් පුද්ගලයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මේ අතර, ෆර්හාන් නැමැත්තා තමන්ට ද පහර දී ඝාතනය කිරීමට උත්සාහ කළ බවත් එහිදී තමන් එම අවස්ථාවේ ඉන් මිදී පළා ආ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

මියගිය තරුණයින් දෙදෙනාගෙන් 28 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයාගේ සහෝදරය ෆර්හාන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඊට මුදල් ලබානොදීම නිසා මෙම තරුණයා සහ ජාවාරම්කරු අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර එම නිසා ඔවුන් ඝාතනය කර ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සැකකාර ෆර්හාන් නැමැත්තාගේ නිවසේ පසුපස කොටසේ කොන්ක්‍රීට් තට්ටුවක් දමා කුකුළු කොටුවක් සැකසීමට සකස් කළ ස්ථානයක පොලීසිය විසින් සිදුකළ කැණිම්වල දී ඝාතනය කර පොලිතින් උරවල ඔතා වළදමා තිබූ තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයා ගැනීමට හැකියාව ලැබුණා.

මේ අතර සිද්ධියට සම්බන්ධ හුරීමළුවේ ෆර්හාන් නමැත්තා ඇතුළු ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙක් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24